ලෝක ළමා දිනය අදයි – සියලුම සත්වෝද්‍යාන අද දරුවන්ට නොමිලේ

ලෝක ළමා දිනය අදට යෙදී තිඛෙනවා. ඒ වෙනුවෙන් වන ජාතික උත්සවය පැවත්වෙන්නේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී යි.

‘සොඳුරු ළමා ලොව රකින්න වැඩිහිටියනි දෑත දෙන්න’ ලෝක ළමා දින ජාතික උත්සවයේ මෙවර තේමාව වෙයි.

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය යෙදෙන අද දිනයේදී  දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන අවු 12 ට අඩු සියළු දරුවන් ඇතුල්වීමේ ගාස්තුවකින් තොරව නොමිලයේ නැරඹීමට අවස්ථාව ලබාදීමට තීරණය කර තිඛෙනවා.

උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා දවස පුරා දරුවන් වෙනුවෙන් විවිධ තරඟ හා විනෝද ක්‍රිඩා රැසක්ද, බැලුම් සංදර්ශන, චිත්‍ර තරඟ, මැජික් සංදර්ශන, ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේනතුව මගින් දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය යන ස්ථානවල සංවිධානය කර ඇති බවයි වාර්තාවන්නේ.
මීට අමතරව සත්වයින් කිහිපදෙනෙකුට නම් තැබීමද මෙහිදී සිදුකිරීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close