මොළයට හානි සිදුවීමෙන් බොක්සිං ක්‍රීඩකයකු මරුට

ස්කොට්ලන්තයේ බොක්සිං තරගයක් අතරතුරදී ක‍්‍රීඩකයෙක් ජිවිතක්ෂයට පත්වුණා. මොළයට හානිවීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නෙ. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි මයික් ටුවෙල්. තරගය අතරතුර අනතුරට ලක්වූ ඔහු රෝහල් ගතකිරිමට පියවර ගත්තා. ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මයික් ටුවෙල් ජිවිතක්ෂයට පත්වූ බවයි ස්කොට්ලන්ත වාර්තා පවසන්නෙ. එරට පැවති බොක්සිං තරග ගණනාවක් ජයග‍්‍රහණය කිරීමට ඔහු සමත්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණ ආරම්භකර ඇති බවයි ස්කොට්ලන්ත වාර්තා සදහන් කළේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close