මම පිලිපීනයේ හිට්ලර් – එරට ජනපති කියයි

ජර්මනියේ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන් මරා දැමුවා සේ පිලිපීනයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස මරා දැමීමට තමා කැමැත්තෙන් සිටින බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසනවා.

  ඊයේ පිලිපීනයේ දවායෝ නගරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  පසුගිය මාසයේ පිලිපීන ජනාධිපති ධුරයට පත් ඩුටර්ටේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ ජාවාරම්කරුවන් දරුණු ලෙස විනාශ කරමින් සිටිනවා.

එසේ මරා දැමූවන්ගේ සිරුරු ඔවුන් විසින් කරනු ලැබූ වැරදි ලැයිස්තුවක් ද සමග ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනයට තබන බවයි, වාර්තා වන්නේ.

ජනපති ඩුටර්ටේ පවසා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මතට ඇබ්බැහිවූවන් මරා දමා අනාගත පරපුරට පිලිපීනය ඉතිරි කරදීම තම අපේක්ෂාව වන බවයි.

ඔහු ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු තුන්දහසක අධික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close