මහින්දගේ අනාගතය ගැන සුමනදාස යළි අනාවැකි කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය දෛවඥයා ලෙස කටයුතු කළ සුමනදාස අඛේගුණවර්ධන මහතා යළිත් හිටපු ජනපති සම්බන්ධයෙන් අනාවැකියක් පල කර තිඛෙනවා. පසුගිය ජනාධිපතිවරණයද හිටපු ජනපතිවරයා ජයගන්නා බව පවසා එය අසත්‍යවීමෙන් පසු අඛේගුණවර්ධන මහතා මෙසේ ප්‍රසිද්ධයේ අනාවැකියක් පල කළ පළමු අවස්ථාවද මෙයයි.

අලුත් පක්‍ෂයක් ගොඩනැඟෙන බවට බොහෝ කතා බහ තිබෙනවා. ජේ‍යාතිෂ අතින් ඔබ මෙය දකින්නේ කොහොමද?
මේ වෙලාවේ පවතින රජයට විරුද්ධව බලවේගයක් ගොඩනැඟෙන බව ග්‍රහ තත්ත්වයන් අනුව පෙනී යනවා. බ්‍රහස්පති ග්‍රහයා පසුගිය අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා කන්‍යා රාශියට පැමිණියා. එසේම ශ්‍රී ලංකා කුම්භ ලග්නයෙන් විරුද්ධ පක්ෂය ගැන කියන 4 වැන්න වන වෘෂභ රාශියට අධිපති සිකුරු ග්‍රහයා තුලා රාශියේ මේ මොහොතේ ස්වක්‍ෂේත්‍රව සහ මූල ත්‍රිකෝණ බලයෙන් බලගතුව ඉන්නවා.

මේ ග්‍රහ තත්ත්වය සහ අනෙකුත් ග්‍රහයන්ගේ බලගතු වීම හේතු කොටගෙන රජයට විරුද්ධ බලවේගයක් යම් පක්ෂයක් ආරම්භ වන බවත් පෙනී යනවා.
මේ මොහොතේ තවත් අමුතු දෙයක් සිදුවෙලා තියෙනවා.
මොකක්ද ඒ අමුතු දෙය…?
මහින්ද රාජපක්ෂ මහතාගේ උප්පත්ති ග්‍රහ තත්ත්වයට බොහෝ සෙයින් සමාන වන ආකාරයට ග්‍රහ තත්ත්වයක් යෙදී තිබෙනවා. යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයා ලෙසින් එතුමාට පැවැති බලගතුම ග්‍රහ යෝගය වන්නේ ‘චන්ද්‍ර අධි’ ග්‍රහයෝගයයි.

මේ ‘චන්ද්‍ර අධි’ ග්‍රහයෝගය එතුමාගේ ජන්ම පත්‍රයේ යෙදී තිබුණේ උප්පත්තියෙන් චන්ද්‍රයා සිටි තැනින් 6, 7, 8 යන ස්ථානවල සුබ ග්‍රහයන් සිටීම අනුවයි. එයින් වඩාත් බලගතු වුණේ චන්ද්‍රයාගෙන් 6 වැන්නේ එතුමාගේ ලග්නය වන කන්‍යා රාශියේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා දිග්බලයෙන්ද, ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුමක්ද යෙදී තිබුණු බැවිනුයි.
මේ ග්‍රහ යෙදුම පසුගිය අගෝස්තු 11 වැනි ගුරු දින ගුරු ග්‍රහයාගේ නව ලග්නයට පැමිණීමත් සමඟ යෙදුණා. එය එතුමාට යම් ප්‍රමාණයකට සුබදායක ග්‍රහ යෙදුමක්.
මේ අනුව 2015 ජනවාරි 8 වැනිදායින් පසු එතුමාට සුබදායක ග්‍රහ යෙදුමක් උදාවෙලා තියෙනවා.

advertising-facebook

අලුත් පක්ෂයක් ආරම්භ කරනකොට ජේ‍යාතිෂයට අනුව සලකා බලන්නේ මොනවාද? එකම පුද්ගලයකුගේ ග්‍රහ තත්ත්වයන් පමණක් සෑහෙනවද?
පක්ෂයක් ආරම්භ කරන විට අපි වෙන සුබ මුහුර්තීත් හදන ආකාරයට මඳක් වෙනස් ග්‍රහ තත්ත්වයන් ගැන තමයි සොයා බලන්නේ. පළමු කොටම පක්ෂයේ නායකත්වය දරන පුද්ගලයාගේ උප්පත්ති ග්‍රහ වකවානුවට සුබ ග්‍රහ තත්ත්වයන් තිබිය යුතුමයි. ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ඒ පිළිබඳවයි.
ඒ වගේම පක්ෂයක් ආරම්භ කළාම ඒ පක්ෂයේ ප්‍රගතියක් ඇති වෙන්නේ ජනතාවගේ ආකර්ෂණය පක්ෂයට ලැබුණොත් තමයි.
ඒ නිසා අනෙකුත් සියලු ග්‍රහයන්ද බලගතු වෙලාවක තමයි පක්ෂයක් ආරම්භ කිරීම සිදු කළ යුතු වන්නේ.
මෙවැනි මුහුර්තයන් සෑදීම මීට පෙර සිදුවුණේ ඔබ අතින් නේද?

මීට කලින් නම් එතුමාගේ ජීවිතයේ දශක තුනකට වැඩි කාලයක් පුරාවටම එතුමාගේ සියලු ජේ‍යාතිෂ වැඩකටයුතු මා වෙතින් තමයි සිදුවුණේ.
අලුතෙන් හදන පක්ෂයට ඉන්දියාවේ ජේ‍යාතිෂවේදීන්ගෙන් උපදෙස් පතා ඇති බවට පුවත් පළවී තිබුණා?
2015 ජනවාරි 8 වැනි දින පැවැති ජනාධිපතිවරණ වෙලාවෙදීත් එතුමලා ඉන්දියා ජේ‍යාතිෂ උපදෙස් ගන්න ගිහින් තමයි වැඩකටයුතු අවුල් වුණේ. ප්‍රමාද වී හෝ ඒ ගැන පවසන්නට හැකිවීම මට සතුටක්.
පසුගිය ජනාධිපතිවරණයේදී එතුමා ඉන්දියාවෙන් සහ තවත් විවිධ ජේ‍යාතිෂවේදීන්ගෙන් උපදෙස් ගන්න ගිහින් තමයි සියල්ල අවුල් කර ගත්තේ.
1996 වසරේ ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණයේදී වර්තමානයේ බලයට පත්ව සිටින භාරතීය ජනතා පක්ෂය ප්‍රථම වරට මැතිවරණයෙන් ජය ගන්නා බව එඩිතරවම ඉන්දියාවේ සිටම ප්‍රකාශ කළේ මමයි.

මේ අලුත් පක්ෂය ගැන මහින්ද මහත්මයා ඔබෙන් යම් ජේ‍යාතිෂ උපදෙසක් ඉල්ලුවොත් දෙනවාද?
ඇත්තෙන්ම එතුමා දශක තුනක පැවැති යුද්ධය අවසන් කරන මොහොතේත් යම් යම් ජේ‍යාතිෂ උපදෙස් දුන්නේ මම තමයි. එතුමා ඒ වෙලාවේ වෙනස් ජේ‍යාතිෂ උපදෙස් ගත්තේ නෑ.
නමුත් යුද්ධය අවසන් වීමෙන් පසු එතුමාට ජේ‍යාතිෂ උපදේශකවරු වැඩි වුණා.
මගේ ජීවිත කාලයෙන් භාගයක් එතුමත් එක්ක කටයුතු කරලා තියෙනවා. ඕනෑම උපදෙසක් ලබා දීමට මම සතුටින් බලා සිටිනවා.

මමත් නමක් දුන්නා:
අලුත් පක්ෂෙ එන්නෙ 2017 ජනවාරිවලින් පස්සේ

ඔබගේ අදහස අපට කියන්න

Close