වැඩ වරද්දාගත් විග්නේෂ්වරන්ට යළි මහ ඇමතිකම නෑ

මීළග  උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නොකිරීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග  අනාවරණ කර තිඛෙනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ  නීති ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රවීණයෙකු මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් යෙදවීම සම්බන්ධයෙන් කියයි.

විග්නේෂ්වරන් මහතා වහාම එම ධූරයෙන් ඉවත් කිරීට පියවර ගතහොත් එමගින් අර්බුධයක් මතුවිය හැකි බැවින් මීලග පළාත්පාලන මැතිවරණය තෙක් ඔහු ධුරයෙන් බවත් නොකිරීමටද එම සන්ධානය තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
ඔහු වෙනුවට මහ ඇමති අපේක්ෂකත්වයට ඉදිරිපත් කරනු ලබන්නාද අධිකරණයේ ඉහල ධූරයක් දැරූවකු බවයි පැවසෙන්නේ.

කලක පටන් උතුරු මහ ඇමති සී.වී විග්නේස්වරන්ගේ ක්‍රියාකලාපයත් දෙමළ ජාතික සන්ධානයේ තීන්දු තීරණ පිළිනොගැනීමත් පක්ෂයේ සමගිය බිද වැටෙන ආකාරයෙන් කටයුතු කිරීම හා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරේ දේශපාලන පක‍්ෂ සමගින් කටයුතු කිරීම වැනි චෝදනාවන් පක්ෂ අභ්‍යන්තරයෙන් හා පරිබාහිරින් එල්ල වීම නිසා මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්‍ෂේප කර තිබියදී “එළුඟ තමිල්“ විරෝධතාවයට සහභාගී වී ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය අවුල් කිරීමත් ජනතාව අතර බේද වන ආකාරයෙන් දේශපාලනය කිරීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිඛෙනවා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close