කොලොම්බියානු සාම ක්‍රියාදාමය පිළිබද ජනමත විචාරණය පරදී

වසර 52 ක් පුරා පැවැති කොලොම්බියානු අරගලය නිමා කරමින් සාම සාකච්ජා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණද ඒ සම්බන්ධයෙන් එරට තුල පැවැති ජන මත විචාරණයේදී අදාළ සාම ක්‍රියාදාම යෝජනාව පරාජයට පත්ව තිඛෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ ඉතා සුලු ජන්ද ප්‍රතිශතයකින් මෙම යෝජනාව පරාජය වූ බවයි.
අදාළ යෝජනාවට එරෙහිව කොලොම්බියානුවන් සියයට 50 යි දශම 2ක් ජන්දය පල කර ඇති අතර ඊට පක්ෂව ජන්ද සියයට 49 යි දශම 8ක් භාවිතා කර තිබුණා.
යෝජනාවට එරෙහි වැඩි ජන්ද ගණන 63000ක් පමණක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම සටන් විරාම ක්‍රමවේදය වසර 52 ක් පැවැති අරගලයට ඇති එකම විසදුම බවයි කොලොම්බියානු ජනාධපතිවරයා අවධාරණය කර තිබුණේ.
කෙසේ වෙතත් ෆාර්ක් ගරිල්ලන් කොලොම්බියානු හමුදාවන්ට සම්බන්ධ කර ගැනීමේ යෝජනාව මෙහිදී ජයග්‍රහණය කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close