බොලිවුඩයේ සුපිරි නලුවා අමීර් – අමිතාබ් කියයි

බොලිවුඩයේ විශිෂ්ටතම රංගන ශිල්පියා තමන් නොව සුපිරි නලු අමීර් ඛාන් බව ප්‍රවීණ සුපිරි නලු අමිබාත් බච්චන් පවසනවා. ඔහු මේ බව සදහන් කළේ පලමු වරට අමීර් ඛාන් සහ අමිතාබ් බච්චන් රංගනයෙන් දායක වන තග් ඔෆ් හින්දුස්ථාන් සිනමා පටයේ රූගත කිරීම් අතරතුර පී ටී අයි පුවත් සේවයට අදහස් දක්වමින්. සුප්‍රකට යෂ් රාජ් සිනමා සමාගමයි මෙම සිනමාපටය නිර්මාණය කරනු ලබන්නේ.
තමන් මෙහිදී අමීර් ඛාන්ගේ රංගනය පිළිබදව විමතියට පත්වූ බවද අමිතාබ් බච්චන් මෙහිදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අමීර් ඛාන්ගේ දෙබස් හා අංංග චලන නිසි වේලාවට සිදුවීම විශිෂ්ට ලෙස අගය කරන බවයි. බොලිවුඩියේ දැවැන්තයා ලෙස සැලකෙන අමිතාබ් බච්චන් මේ වන විට 73 වන වියේ පසුවන අතර අමීර් ඛාන් 51 වන වියේ පසුවනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close