වසර 8කදී කෝටි 6ක ශිෂ්‍යාධාර මුදල් ගෙවා නැතැයි හෙළිවේ

පසුගිය පාලන සමයේදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුදැරියන්ට රජයෙන් ගෙවනු ලබන ආධාර මුදල්වලින් රුපියල් 57482500ක (පන්කෝටි හැත්තෑහතරලක්ෂ අසූදෙදහස් පන්සීයක්) මුදලක් එම සිසුන්ට ගෙවා නැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තාව මගින් අනාවරණ කර තිඛෙනවා.

2005 – 2013 වර්ෂ සඳහා රජයේ විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවන්ට අදාළව අමාත්‍යංශයේ ලේකම්වරයා කාරක සභාවට කැඳවා කළ විමසීම්වලදී මේ කරුණු අනාවරණය වූ බව එම සභාවේ සභාපති මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සදහන් කළේ.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ ජනවාරි 27 දින කරුණු පැහැදිලි කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ පාසල් වෙතින් නිවැරදි තොරතුරු නොලැබීම හේතුවෙන් මේ ශිෂ්‍යත්ව ආධාර ගෙවීම් නිසි පරිදි කිරීමට නොහැකිවී ඇති බවය.

එම කරුණු දැඩිව සැලකිල්ලට ගෙන ප්‍රමාදයකින් තොරව ශිෂ්‍යත්ව ආධාර ගෙවීම් කටයුතු සම්පාදනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට යෝජනා කළ කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අටවැනි පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගෙන් හා මන්ත්‍රීවරුන් 26 දෙනකුගෙන් සමන්විත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව සැප්තැම්බර් 22වනදා ඉදිරිපත් කෙරුණා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close