සෝදිසි වරෙන්තුවක් මත මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හදිසි පරීක්ෂාවක්

කොලඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලබාදුන් සෝදිසි වරෙන්තුවකට අනුව මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පිරිසක් විසින් සෝදිසියට ලක් කරමින් පවතිනවා. ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයෙන් පසු අස්තානගතවූ අස්ථි කොටස් පිළිබද විමර්ශනයක් සදහායි. මෙම සෝදිසිය සදහා කොලඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටිනවා. පසුගියදා නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ කොලඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම යන අවස්ථාවේ මාලබේ පුද්ගලික වෛද්‍ය විදයාලය වෙත තාජුඩීන්ගේ අස්ති කොටස් රැගෙන ගොස් ඇතැයි සාක්ෂි පවතින බවයි. මේ වන විට ආනන්ද සමරසේකර මහතා මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසයි කටයුතු කරන්නේ.

banner

ඔබගේ අදහස අපට කියන්න

Close