2005 සිට පත්කළ කොමිෂන් වාර්තා ප්‍රසිද්ධ කරන්න – ජනපතිට ඉල්ලීමක්

2005 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද ස්වාධීන ජනාධිපති කොමිසම් සභා සියල්ලේ වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස සිවිල් සමාජ සංවිධානයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

මහජන මුදල් යොදා ගනිමින් පසුගිය සමයේ රජය විසින් කොමිසම් සභා කීපයක් පත් කරන ලද නමුත් ඒවායේ වාර්තා තවමත් රටේ ජනතාවට ඉදිරිපත් කොට නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත විවෘත ලිපියක් යොමු කරමින් ශිෂ්ට ලංකා 2015 සංවිධානය පෙන්වා දෙයි.

ස්වාධීන කොමිසම් වාර්තාවලට අමතරව, 2006 වසරේදී පත් කෙරුණු සර්ව පාක්ෂික නියෝජිත කමිටු වාර්තාවේ විස්තරද ජනතාවට ඉදිරිපත් කරන ලෙස ඉහත කී සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

  • 2000 – 2005 වසර දක්වා අධික මිලට අවි ආයුධ මිලදී ගැනීම සහ හමුදා ආම්පන්න හා සේවා මිලට ගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා 2006 වසරේ කොමිසමක් පත් කෙරුණි.
  • ඊට ආසන්න කාලයේම නාවික හමුදාව විසින් කරන ලද මිලට ගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා තවත් කොමිසමක් ස්ථාපිත කොට තිබිණි.
  • කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පොලිස් වෙඩි ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා 2011 වසරේ දී එක් පුද්ගල කොමිසමක් පත් කෙරුණි.
  • පානීය ජලය ඉල්ලා රතුපස්වල පැවති උද්ඝෝෂණයට හමුදාව මැදිහත් වීම පිළිබඳ සොයා බැලීම සඳහා කොමිසමක් ස්ථාපිත කොට තිබිණි.
  • මීට අමතර අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහාත් කොමිසමක් පත් කෙරුණි.advertising-facebook

එවැනි කොමිසම් අතුරින් 2010 වසරේ පත් කරනු ලැබූ “උගත් හා සංහිඳියාව කොමිසම්” වාර්තා සමාජයේ අවධානයට යොමු කෙරුණු නමුත් පසුව ප්‍රසිද්ධියට පත් කළ උදුලාගම කොමිසම හා පරණගම කොමිසමේ වාර්තා සමාජයේ කතිකාවකට බඳුන් වූ නැති බවත් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වේ.

”මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කතිකාවක් ආරම්භ වී ඇති අතර ඒ වෙනුවෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබේ.”

විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත වී තිබෙන අවස්තාවක හදිසියේ මෙවැනි ඉල්ලීමක් කරන්නේ මන්දැයිකළ විමසීමකට පිළිතුරු දුන් ශිෂ්ඨ ලංකා 2015 සංවිධානයේ නීතිඥ නෙවිල් ආනන්ද, මහජනතාවට තොරතුරු වසන් නොකිරීමට ආණ්ඩුව කැප වී සිටින්නේ නම්, මේ වාර්තා මීට කලින් ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බව සඳහන් කළේය.

එසේ වූයේ නම් වැරදිකරුවන්ට දඬුවම් කරන මෙන් ඉල්ලා බලපෑම් කිරීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන බවයි ඔහු පවසන්නේ.

ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය මීට වඩා ඉවසීමකින් හා කාලයක් වැය කරමින් පමණක් නොව, මූලික දේශපාලන වෙනස්කම් තිබියදීත් පොදු එකඟතාවයක් ඇතිව සර්වපාක්ෂික නියෝජිත කමිටුව මගින් සාර්ථකව අවසන් කර යුතුයි බව ලිපියෙන් තවදුරටත් පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථා සම්පාදන වාර්තාව ජනතාව හමුවේ තැබීමේ වගකීම ජනාධිපතිවරයා සතුව තිබෙන බවත් ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ(BBC)

ඔබගේ අදහස අපට කියන්න

Close