ඉන්සමාම්ට චෝදනාවක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී අත්තනෝමතිකව කටයුතු කළ බවට එරට හිටපු සුපිරි ක්‍රීඩක හා තේරීම් කමිටු සභාපති ඉන්සමාම් උල් හක්ට චෝදනා එල්ලවී තිඛෙනවා.
පාකිස්ථාන මාධ්‍ය සදහන් කරන්නේ ඉන්සමාම් කණ්ඩායමසම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ක්‍රිකට් සභාපතිවරයාගේ මතය නොවිමසා ඇති බවයි.
පාකිස්ථාන කණ්ඩායමේ පසුගිය අසාර්ථකතා පිටුපස ඇති අර්බුධයද මෙය බවට එහිදී චෝදනා නගා තිඛෙනවා.
කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ වාර්තාවන් පවසන්නේ ක්‍රිකයට් කණ්ඩායම තේරීමේ පූර්ණ බලතල ක්‍රිකට් සභාපතිවරයා විසින් ඉන්සමාම් වෙත ලබාදී ඇති බවයි. ඔහු එය සාර්ථකව ඉටු කරන බවද එහි විශ්වාසනීය වාර්තා හෙළිකර තිඛෙනවා.
ඉන්සමාම් උල් හක් මෙතෙක් මේ පිලිබද අදහස් පල කර නැහැ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න