අගමැති අද ඉන්දියාවට

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින ඉන්දීය නිල සංචාරයකට සහභාගීවීම සඳහා අද (04) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණීමට නියමිතව තිඛෙනවා.

සිය නවසීලන්ත නිල සංචාරය නිමවීමෙන් අනතුරුව නවසීලන්තයේ වෙලිංටන් නුවර සිට නවදිල්ලිය බලා යන වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රධානව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කීප දෙනෙක් සමඟ සාකච්ඡා පවත්වන බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ.

ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් 06 වන දා නවදිල්ලි නුවර දී ආරම්භ කෙරෙන ඉන්දීය ආර්ථික සමුළුව සඳහා ද වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස්අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, සංවර්ධන ඒජන්සියේ අධ්‍යක්‍ෂ මංගල යාපා, විදේශ අමාත්‍ය පුද්ගලික ලේකම් ලක්‍ෂ්මී ජෙගනාදන් යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වීමට නියමිතය.

 

ඔබගේ අදහස අපට කියන්න

Close