අගමැති ඉන්දියාවට ලගාවෙයි

තුන්දින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ලගාවී තිබෙනවා. ඒ සිය නවසීළන්ත නිල සංචාරය නිමාවට පත් කරමින්.
මෙම සංචාරය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රධානව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කීප දෙනෙකු සමග රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් 06 වන දා නවදිල්ලි නුවර දී ආරම්භ කෙරෙන ඉන්දීය ආර්ථික සමුළුව සඳහා ද අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස සහභාගීවීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close