අමෙරිකාවේ පුරවැසිභාවය දෙන ග්‍රීන් කාර්ඞ් වැඩසටහන අදින් ඇරඹෙයි

2018 වසරට අදාල අමෙරිකානු ග්‍රීන් කාර්ඞ් හෙවත් නිදහස් වීසා ලබාදීමේ වැඩසටහන අදින් ආරම්භ කෙරුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන නොවැම්බර් 07 වනදා පෙරවරු 9යි 30 දක්වා මේ සදහා අයදුම් කළ හැකි බවයි කොලඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නියෙව්දනය කළේ.
මෙහිදී අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා නොමිලේ ලියාපදංචි විය හැකි අතර ඒ වෙනුවෙන් තෙවන පාර්ශවයකට හෝ කිසිවකුට මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. ලියාපදිංචි වන පිරිස අතරින් තෝරාගන්නා කණ්ඩායමක් පලමු වටයේ සම්මුඛ පරීක්ෂන සදහා කැදවීමට නියමිතව තිබෙනවා.
කොලඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොන්සියුලර් නිලධාරී ඬේවිඞ් වැග්නර් මහතා පැවසුවේ සම්මුඛ පරීක්ෂන සදහා පැමිණෙන අවස්ථාවේදී පමණක් ඒ වෙනුවෙන් ගාස්තුවක් අය කරන බවයි.
මෙය වාර්ෂිකව අමෙරිකානු රජය විසින් වෙනත් රටවල පුද්ගලයින්ට සිය පුරවැසිභාවය ලබාදීම සදහා ක්‍රියාත්මක කරන වැඩසටහනක්.

ඔබ ග්‍රීන් කාර්ඞ් හෙවත් අමෙරිකානු නිදහස් වීසා පහසුකම වෙනුවෙන් අයදුම් කරන්නේ නම් ඒ සදහා පහත  ලින්ක් 1න් පිවිසෙන්න.

2016 ඔක්තෝම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම ලියාපදිංචිවීමේ ලිපිනය සක්‍රීය වනු ඇත.


https://www.dvlottery.state.gov/

මෙම වැඩසටහන පිළිබද වැඩිදුර තොරතුරු පහතින්  දැකගත හැකියි.මීට අදාළව ඔබ වෙත මතුවන ගැටලු  lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න. නොමිලේ ඊට අදාළ තොරතුරු ලබාදීමට අප සූදානම්.

2 thoughts on “අමෙරිකාවේ පුරවැසිභාවය දෙන ග්‍රීන් කාර්ඞ් වැඩසටහන අදින් ඇරඹෙයි

ඔබගේ අදහස අපට කියන්න

Close