අයි එස් නායකයාට වස කවලා

අයි එස් ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩි විෂ ශරීරගතවීමෙන් දැඩිව අසාධය වී සිටින බව විදෙස් වාර්තා අනාවරන කර තිඛෙනවා.
ඔහුගේ ආහාරවලට වස මුසු කිරීම හේතුවෙන් මෙසේ රෝගාතුර වී ඇති බවයි එම වාර්තා හෙළිකරන්නේ.
ඉරාකයේ රහසිගත ස්ථානයක සැගව සිටින අයි එස් නායකයා ඇතුලු ජ්‍යෙෂ්ට නායකයින් 3න් දෙනකු මෙසේ විෂ ශරීරගතවීමෙන් මරණාසන්නව සිටින බව එමවාර්තාවල සදහන්.
මෙය කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි සැලකෙන්නේ.
අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් අයි එස් නායකයා මිය ගිය බවට මීට පෙර වාර්තා පලවුණද පසුව එය අසත්‍යයක් බව හෙළි කෙරුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close