තාජුඩීන්ගේ අතුරුදන්වූ කලව හා පපු අස්ථි සයිටම් එකෙන් හමුවුණාද ?

මාලබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තැන්පත් කර තිබූ සැකසහිත ශරීර අස්‌ථි කොටස්‌ තොගයක්‌  අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ පස්වරුවේ තම භාරයට ගනු ලැබුවා.

අබිරහස්‌ ලෙස ඝාතනය වූ බව කියන රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන්ගේ සිරුරේ කොටස්‌ සයිටම් වෛද්‍ය විද්‍යාලයට රැගෙන ගොස්‌ ඇති බවට රහස්‌ පොලිසියට ලද පැමිණිල්ලක්‌ මත විමර්ශනය කිරීම සඳහා  රහස්‌ පොලිස්‌ නිලධාරීන් කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමඟ ගොස්‌ සවස 6.00 ට පමණ වනතෙක්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව සැකසහිත අස්‌ථි කොටස්‌ 100 කට අධික ප්‍රමාණයක්‌ මෙසේ පොලිසිය භාරයට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙහිදී රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ සිරුරේ අතුරුදන්ව තිබෙන කලව කොටස්‌ දෙකක්‌ සහ පපුව කොටසක්‌ සොයා ගැනීම සඳහා මෙම පරීක්‌ෂා කිරීම කර තිබෙන අතර එහිදී පොලිස්‌ භාරයට ගත් අස්‌ථි කොටස්‌ අතර තාජුඩීන්ගේ අස්‌ථි කොටස්‌ තිබේද යන්න සොයා බැලීම සඳහා එම කොටස්‌ ඩී. එන්. ඒ. පරීක්‌ෂාවකට යොමු කිරීමට රහස්‌ පොලිසිය කටයුතු සූදානම් කර තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්‌ෂ සමීර සේනාරත්න මහතා කියා සිටියේ තම වෛද්‍ය විද්‍යාලයට ගෙන එන ලද අස්‌ථි කොටස්‌ නීත්‍යනුකූලව සටහන් කර භාරගෙන තිබෙන බවයි.

එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස සේවය කරන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කළ සමයේ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයෙන් අස්‌ථි කොටස්‌ කිහිපයක්‌ ඉවත් කරගත් බවට චෝදනා එල්ල වී එල්ල වුණා.

තාජුඩීන්ගේ මූලික පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ නියෝගය පරිදි ඉවත් කළ එම අස්‌ථි කොටස්‌ ඇතුළු අස්‌ථි කොටස්‌ පාර්සල් 15 – 20 ක්‌ පමණ ඔහු විශ්‍රාම යන අවස්ථාවේ ඒවා රැගෙන ගොස් ඇති බවටයි චෝදනා එල්ල කෙරුණේ.

ලද තොරතුරු අනුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සයිටම් ආයතනයේ කෞතුකාගාරය හා විද්‍යාගාරය එලෙස පරීක්‌ෂාවට ලක්‌කර තිඛෙනවා.

සයිටම් ආයතනය පරීක්‌ෂා කොට එම සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් හෙට (5 වැනිදා) අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා සෝදිසි වරෙන්තුව නිකුත් කරමින් නියෝග කොට තිබුනා.

One thought on “තාජුඩීන්ගේ අතුරුදන්වූ කලව හා පපු අස්ථි සයිටම් එකෙන් හමුවුණාද ?

  • October 4, 2016 at 5:53 am
    Permalink

    1997ආනන්ද සමරසේකර කොළඹ අධිකරණ වෛද්යවරයා වශයෙන් සිටියා මා කඩුගන්නාව ප්රදේශයේදි බරපතල රිය අනතුරකට මුනපා කොළඹ ජාතික රොහලට ඇතුල් කලේය. මා පිලිබඳ අධිකරණ වෛද්ය කටයුතු කලේ වෛද්ය ආනන්ද සමරසෙකර මහතාය. දින 60 ක් මා රොහලේ ප්රතිකාර ලබා පිටව ගියමි. පසුව මේ පිලිබද මා විසින් අධිකරණයේ නඩුවක් ආරම්භ කලේය. මෙහිදි අධිකරණ වෛද්ය සහතිකය අවශ්ය විය මාස ගනනාවක් උසාවිය මගින් එය කැඳවූද එය සාර්ථක නොවිය එම සහතිකය නොලැබින. පසුව මා පෞද්ගලිකව මේ පිලිබද සොයා බැලිම පිනිස,කොළඹ කිංසිපාරේ පිහිටි එම ආයතනයට ගියමි. එහිදි මා හට දැනගන්නට ලැබුනේ මා දින දෙකක් ප්රතිකාර ලබා පිටව ගොස් ඇතිබව සටහන් කර ඇති බවයි. මෙහිදි සෙලින්කො රක්ෂණ සමාගම මේ සදහා රක්ෂණය ගෙවිය යුතුව තිබින. මේ පිලිබද මා හට ප්රතිකාර කළ වෛද්ය නරේන්ද්ර පින්ටො මහතා සමගද සාකච්ඡා කලේමි
    කෙසේ වෙතත් අවසන මා නඩුවෙන් දිනා, වන්දි වශයෙන් රු 3,50000.00 ක මුදලක්ද ලබාගතිමි. මොහුගේ කල්කිරියාව ඒ කාලේත් නිති විරෝධී විය. අවසානයේ මොහු සම්බන්ධ වුයේත් සමාජවිරෝධී නිතිවිරොධි සයිටම් ව්යාපාරයටය.මේ වගේ පුද්ගලයන් නිදැල්ලේ තැබිම සාමජයට කරන ලොකු හානියකි. මන්දයත් එදා කල දේ ඔහු අදත් කරයි අනිවාර්යයෙන්ම මොහු හෙට දිනයේදිත් කරනුයේ මේ කටයුතුමයි. එසේ හෙයින් මෙවැනි පුද්ගලයි බැද දැමිම රජයේ වගකිම වනු ඇත.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close