දුම්වැටි මිල නගී- දුම්කොල සමාගමෙන් කූට උපායක්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් මිල ඉහල නංවා තිබෙනවා.

ඒ අනුව සිගරට් එකක මිල රුපියල් 7කින් වැඩි කල බව බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කළේ.

පසුගිය දින කීපය පුරා වෙළඳපොලේ සිගරට් හිඟයක් මතුව තිබුණා.
කෙසේ වෙතත් වැට් බදු වැඩි කිරීමෙන් ආරක්ෂා වීම සදහා දුම්කොල සමාගම විසින් ඉතා රහසිගතව දුම්වැටි ලක්ෂ ගණනක ප්‍රමාණයක් පසුගිය දින කිහිපය තුල සිය තොග වෙළදුන් වෙත රහසිගතව මුදා හැර ඇති බවයි අනාවරණවී ඇත්තේ.
ඒ අනුව රජය බද්ද වැඩි කරන බව ප්‍රථමයෙන් පැවසීම සමග බදු ගෙවීමෙන් වැලකීම සදහා අදාළ පියවර ගෙන ඇතැයි සදහන්.
එමගින් රජයට අය විය යුතුව තිබූ රුපියල් බිලියනයකට අධික වැට් බදු මුදලක් අහිමිවී ගොස් ඇති බවයි අනාවරණ වන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close