දෝණිගේ සිනමා පටය වාර්තා තබමින් පෙරට

ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිගේ ජීවිත කතාව ඇතුලත් ද අන්ටොල්ඞ් ස්ටෝරි සිනමා පටය මේ වන විට වාර්තා තබමින් තිරගතවීම සිදුවනවා.
බොලිවුඞ් වාර්තා පවසන්නේ දින 4ක් තුල ඉන්දීය රුපියල් කෝටි 71 ක් ආදායම් ලැබීමට සිනමා පටය සමත්ව ඇති බවයි.
සුෂාන්ත් සිං රාපුට් මෙහිදී දෝණිගේ චරිතය නිරූපණය කරන අතර බොහෝ දෙනකු විසින් ඔහු පැසසීමට ලක් කර තිබෙනවා.
දෝණිට සිදුකරන ගෞරවයක් වශයෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දී මෙම සිනමා පටයෙන් බදු අය කිරීම නවතා ඇති අතර ඔහුගේ උපන් ගම වන ජාර්කන්ද්හීදීද සිනමා පටය බදුවලින් නිදහස් කර තිබෙනවා. මේ එහි පූර්ව ප්‍රචාරක පටයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close