මහින්ද විග්නේෂ්වරන්ගේ ගුණ ගයයි

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වි විග්නේෂ්වරන් මහතා ජාතිවාදියෙකු යැයි තමා කිසි විටක නොසලකන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කලා. ඒ පසුගියදා යාපනයේ පැවති උද්ඝෝෂණය ගැන අදහස් දක්වමින්. විවිධ ප‍්‍රශ්න ගැන ඉල්ලිම් කිරිම සදහා උතුරේ දෙමළ ජනතාව එම උද්ඝෝෂණයට එක්වූ බවයි රාජපක්ෂ මහතා පවසන්නේ. එම ජනතාව ජාතිවාදී උවමනාවකට එක්වූවා යැයි තමා නොසලකන බවද ඔහු සදහන් කළා. නාමල් රාජපක්ෂ මහතා ද සිරගත වීමෙන් පසු දෙමළ සිරකරුවන් නිදහස් කිරිම ගැන තමාගෙන් විමසූ බව මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.රාජපක්ෂ මහතා මේ අදහස් පළකලේ දෙමළ මාධ්‍යවේදින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ ඒ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනි සේවය විකාශය කළ හඩපටයයි.

 

ඔබගේ අදහස අපට කියන්න

Close