රට හදන දින 1500 මෙහෙයුමට රජය සූදානම්

ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර සංවර්ධනයක්‌ ඇති කිරීම අපේක්ෂා කර ගනිමින් දින 1500 ක ආර්ථික පෙරළිය, නැමැති වැඩපිළිවෙළ මෙවර අයවැයට පෙර ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිඛෙනවා.
එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් .

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පය අනුව 2017 වසරේදී ක්‍රියාත්මක කෙරෙන දිළිඳුකම පිටු දැකීමේ වැඩපිළිවෙළට සමගාමීව මෙම දින 1500 ක පෙරළිය සැලසුම් කර තිඛෙනවා.

නවසීලන්ත සහ ඉන්දීය නිල සංචාර නිම කර අගමැතිවරයා ලබන අනිද්දා නැවත මෙරටට පැමිණීමෙන් පසු මෙම වැඩපිළිවෙළට ඇතුළත් කාර්යයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතයි.
බස්‌නාහිර පළාත මෙන්ම වයඹ සහ රුහුණ ආදී පළාත් පදනම් කරගනිමින් ආර්ථක කලාප සංවර්ධනය හා රැකියා උත්පාදනය මෙම ව්‍යාපෘතියට ඇතුලත්.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න