ඇමති පාටලීගේ රියේ ගැටුණු තරුණයා ගෙදර යයි

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටීමෙන් බරපතළ තුවාල ලබා මාස අටක්‌ පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා නිවස වෙත ගොස් තිඛෙනවා.

පසුගිය පෙබරවාරි 28 වනදා රාත්‍රි රාජගිරියේදී ඔහු පදවාගෙන බව කියන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබූ මෙම තරුණයා පසුව රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

කෙසේ වෙතත් මෙම තරුණයා ලබන 18 වනදා තවත් සැත්කමකට ලක් කිරීමට නියමිතව තිඛෙනවා.

ඒ ඔහුට පවතින ඇවිදීමේ ගැටලුවක් හේතුවෙනුයි.

රාජගිරියේදී සිය නිල රථය අනතුරට ලක්වූ අවස්‌ථාවේ ඇමැතිවරයා ජීප් රියේ ගමන් නොකළ බවට පොලිස්‌ පරීක්‍ෂණවලින් හා සී සී ටී වී දසුන් පරීක්ෂාවෙන් හෙළිව තිබුණා.

රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි තම පුත්‍රයාට තවමත් ඇවිදීමේ අපහසුවක් පවතින බවයි ඔහුගේ පියා මාධ්‍ය වෙත සදහන් කළේ.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close