ඔඛේ ඊ මේල් ගිණුම යාහූ නම් ඔබත් අවධානමේ

යාහූ සමාගම විසින් එහි සියලුම ඊ මේල් සේවාදායකයින්ගේ ගිණුම් රහසිගතව පරීක්ෂා කරන බව අනාවරණවී තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය විශේෂ වාර්තාවක් මගින් පවසන්නේ අමෙරිකානු රජය හා සම්බන්ධව යාහූ ආයතනය මෙම ක්‍රියාවේ නිරත වන බවයි.
එහිදී ඊ මේල් පණිවිඩ පවත්වාගෙන යනු ලබන්නන්ගේ ගිණුම් සියල්ල විශේෂ මෘදුකාංගයක් හරහා පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි අනාවරණ කර ඇත්තේ.
යාහූ ආයතනය විසින් අඛණ්ඩව සිදුකරගෙන ආ මෙම ක්‍රියාව එම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර දත්ත සොරකම් කළ බව කී සිදුවීමෙන් පසු අවම වී ඇති බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධ තොරතුරු යාහූ ආයතනයේම සේවකයින් විසින් මාධ්‍ය වෙත හෙළිකර තිඛෙනවා.
එම ආයතනය මෙම චෝදනාවට මෙතෙක් පිළිතුරු ලබාදී නැහැ.

ඔබගේ අදහස අපට කියන්න

Close