මීටර 200ක් දිග ලංකාවේ අලුත්ම නැව දිවයිනට ලගාවේ

ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් නවතම සිලෝන් ප්‍රින්සස් නෞකාව අද මෙරටට ලගාවුණා. ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාව ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට මංගල ගමනින් අද උදෑසන සේන්දු වූ එම නෞකාව පිළිගනු ලැබුවේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින්.

 සිලෝන් ප්‍රින්සස් (Ceylon Princess) නෞකාව චීනයේ AVIC International සමාගමේ නිර්මාණයකි. 2016 ජූනි මස 15වැනිදා සාදා නිම කළ මේ නෞකාවේ දිග මීටර් 200ක් වේ. එහි සහෝදර නෞකාව වූ සිලෝන් බ්‍රීස් නෞකාව මීට ප්‍රථමයෙන් ස්වකීය මෙහෙයුම් ආරම්භ කළේ 2016 මාර්තු මස 15 වැනිදායි. පසුගිය රජය සමයේදී මිලදී ගත් මෙම නෞකා දෙක සඳහා වැය කර තිබූ සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑවක් විය. අද පැවැති පිළිගැනීමේ උත්සවයේදී ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම මුදලින් නෞකා හතරක් මිලදී ගැනීමට තිබුණු බවයි. මෙම නෞකාවලින් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට පැටවුණු ණය බර ප්‍රමාණය අති විශාල බවත් අමාත්‍යවරයා කියා සිටියා. මේ එහිදී අදහස් පල කළ අර්ජුණ රණතුංග මහතා.

Displaying IMG_0721.jpg

“වරාය අමාත්‍යාංශය මම භාරගන්නකොට අපිට තිබුණ ලොකුම අභියෝගයක් වුණේ මේ නෞකා දෙක භාර ගැනීම. නමුත් මේ නෞකාවලින් රටට ආලෝකය සපයන ගල් අඟුරු ප්‍රවාහනය කරමින් පසුගිය වසරේදී අපි සැලකිය යුතු මට්ටමේ ලාභයක් ලබා ගත්තා. ප්‍රමාදවීම් සඳහා ගෙවීම් කිරීම් අඩුවුණා. ඒ නිසා මේ නෞකාවලින් නැව් සංස්ථාවට විය හැකි පාඩුව අවම කර ගත හැකි යැයි මම අපේක්ෂා කරනවා. ඉදිරියටත් නැව් සංස්ථාවට අලාභයක් නොවන විදියට මේ නෞකා හැසිරවීමට උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු කරමින් සිටිනවා. සමහර වෙලාවට අපිට හිතට එකඟ නැති තීරණ වුණත් ගන්න සිද්ධ වේවි. මම වඩාත්ම කැමතියි මේ නැව් සංස්ථාව දියුණු වෙලා ගමේ ඉන්න දරුවන්ට නැවකට නගින අවස්ථාවක් ලබාදෙන්න…..

Displaying IMG_0646.jpg

ශ්‍රී ලංකා නැව් සංස්ථාව, සිලෝන් බ්‍රීස් සහ සිලෝන් ප්‍රින්සස් නෞකා මිලදී ගත්තේ පුත්තලම ලක්විජය විදුලි බලාගාරයට සහ සාම්පූර් බලාගාරය සඳහා වසර මුළුල්ලේ ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේ මූලික අරමුණෙනි. කෙසේනමුත් සාම්පූර් ව්‍යාපෘතිය නතර වීමත් සමඟ මෝසම් කාලවලදී මෙම නෞකා වෙනත් වෙළඳ කටයුතු සඳහා යෙදවීමට ශ්‍රී ලංකා නැව් සංස්ථාවට සිදුව තිබේ. එම සංස්ථාව පවසන්නේ ඊට පිළියමක් ලෙස හොංකොංහි පිහිටි වානිජ කළමනාකරණ සේවා සපයන සමාගමක් වූ Wallem Commercial Services පෞද්ගලික සමාගම සමඟ මේ වනවිට වෙළඳ ගිවිසුමක් ඇති කර ගෙන සිටින බවයි.  එම ගිවිසුම ප්‍රකාරව මෙම නෞකා දෙකම මෝසම් කාලවලදී වෙනත් වාණිජ වෙළඳ කටයුතුවලට යෙදවීමට අපේක්ෂා කරන බවද එම සංස්ථාව සදහන් කළා. ඒ යටතේ සිලෝන් ප්‍රින්සස් නෞකාව කොළඹ වරායට සේන්දු වීමට පෙර දකුණු කොරියාවේ සිට පිලිපීනය වෙත වානේ තොගයක් ප්‍රවාහනය කරනු ලැබුවා.

Displaying IMG_0614.jpg

 

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close