හිටපු නාවික හමුදාපති අද රහස් පොලිසිය හමුවට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිඛෙනවා.
අද පෙරවරු 9 යි 30 ට ඔහු කැදවා ඇත්තේ 2009 වසරේ දී කරන්නාගොඩ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ්‍යක් ලබා ගැනීම සදහායි.
එවක තරුණයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව නාවික හමුදා සෙබලකු වූ නේවි සම්පත් හෙවත් සම්පත් මුණසිංහ නැමැත්තාට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබුණා.
එහෙත් 2009 වසරේ සිට මේ දක්වා එම පරීක්ෂණ සිදුව තිබුණේ නැහැ.
මෙවර එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ වසර 7කට පසුවයි.
කොලඹ නගරයේ සිදුවූ පුද්ගල පැහැර ගැනීම් කිහිපයක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයකු ඇතුලු පිරිසකට චෝදනා එල්ලවී තිඛෙනවා. ඊට අදාළව විශේෂ නඩු කටයුතුද ක්‍රියාත්මකයි.

ඔබගේ අදහස අපට කියන්න

Close