මීලග ජගත් මහලේකම් ධූරය ගුටේරස්ට

පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගුටේරස් මීලග ජගත් මහලේකම් දූරය සදහා වූ තවත් ජන්ද විමසීමකින් පැහැදිලි ජයක් හිමිකරගෙන තිඛෙනවා.
ජගත් සංවිධානයේ ප්‍රකාශකයකු සදහන් කළේ ඒ අනුව ඔහු මීලග මහලේකම් ධූරයට පත්වනු ඇති බවයි.
මීට අදාළව ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවැති ජන්ද විමසීමේදී රුසියාවද ගුටේරස් මහතාට ජන්දය භාවිතා කර තිබුණා. ඒ අනුව නැගෙනහිර යුරෝපා රටකින් ජගත් මහලේකම්වරයකු බිහිවන පලමු අවස්ථාව මෙයයි.
ඔහු වසර 10 ක් ජගත් සරණාගත කොමිසමේ කටයුතු කර ඇති අතර බැන් කී මූන් මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස ජනවාරි මාසයේදී ධුරයේ කටයුතු ආරම්භ කරනු ඇති.

උණුසුම් පුවත් සදහා පිවිසෙන්න www.lankaanews.com  වෙබ් අඩවියට.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න