කොදෙව්වන් 3ට 0 ක් ලෙස පරදවා පකිස්ථානය දිනයි

කොදෙව් පිලට එරෙහි එක්දින තරගාවලියේ 3න් වන තරගයත් ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් ලබා ගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.
ඒ අබුඩාබි හී පැවැති 3න් වන එක්දින තරගය ලකුණු කින් ජය ලබමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය පන්දුවාර 50 තුල කඩුලු 6කට ලකුණු 308 යි. අසර් අලි ලකුණු 111ක් හා බාබර් අසාම් ලකුණු 117 ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 44කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 172 ක් පමණයි. දිනේෂ් රාම්දීන් ලකුණු 37 යි.
පසුගියදා නිමාවූ දෙරට අතර 20 යි 20 තරගාවලියත් පූර්ණ වශයෙන් ජය ලැබුවේ පකිස්ථානයයි.

ඔබගේ අදහස අපට කියන්න

Close