විනිසුරු දුරකථනවලට සවන්දුන් චෝදනාව ගැන රජයෙන් නිවේදනයක්

ශ්‍රි ලංකා පොලිසිය හෝ ඊට සම්බන්ධ ආයතන විසින් විනිසුරුවරුන්ගේ දුරකථනවලට සවන් දෙන බවට හෝ විද්‍යුත් ගිණුම්වලට පිවිසෙන බවට සිදු කෙරෙන චෝදනා පැමිණිල්ලක් මගින් සිදුකරන්නේ නම් විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට හැකි බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්  අමාත්‍ය සාගල රත්නායක මේ බව සදහන් කරයි.

එමගින් ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ නියමයෙන් හෝ අනියමින් නීතියේ ස්වාධීනත්වයට හෝ අධිකරණයේ ස්වාධිනත්වයට සහ විශ්වාසනීය භාවයට හානියක් සිදුකිරීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.

අදාළ නිවේදනය පහත පරිදිය –

ඔබගේ අදහස අපට කියන්න

Close