සුල්තාන් බොලිවුඩයේ ආදායම් වාර්තා අතර 3න් වන තැනට

බොලිවුඩ් සිනමා ඉතිහාසයේ 3වන වැඩිම ආදායම ලැබූ සිනමා පටය බවට සල්මන් ඛාන් රගන සුල්තාන් සිනමා පටය පත්ව තිඛෙනවා.
බොලිවුඩ් වාර්තා පවසන්නේ මේ වන විට එම සිනමා පටය ඉන්දීය රුපියල් කෝටි 600 ක් උපයා ඇති බවයි.
මෙහි අධ්‍යක්ෂකවරයා වන අලි අබ්බාස් ද මේ වන විට නිර්මාණකරුවකු ලෙස ඉහලම දක්ෂතා දක්වා ඇති බවයි විචාරකයින් පවසන්නේ.
ඔහු මේ වන විට 33වන වියේ පසුවනවා.
මෙතෙක් බොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම් උපයා ඇති සිනමා පටය වන්නේ අමීර් ඛාන් රංගනයෙන් දායකවූ පී කේ සිනමා පටයයි. එය ඉපයූ ආදායම කෝටි 792ක්.
දෙවන තැන පසුවන බජරන්ගි බයිජාන් සිනමා පටය කෝටි 626ක් උපයා තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close