දකුණු අප්‍රිකාව 371ක හඹා ගොස් ජය ගනී (Video)

ඕස්ට්‍රේලියාව සමග පැවති තෙවන එක්දින තරඟයේ ලකුණු 372ක ඉලක්කය හඹාගොස් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් වුනා. ඒ ඩේවිඩ් මිලර්ගේ වේගවත් ඉනිමත් සමගින්.

මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුළු 6කට ලකුණු 361ක් රැස් කළා. එහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 117ක්ද, නායක ස්ටීවන් ස්මිත් ලකුණු 108 ක් හා ආරොන් ෆින්ච් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු යැවීමේදී ද,. අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් හා ඉම්රාන් තාහිර් කඩුළු 2ක බැගින් ලබා ගැනීමට සමත් වුනා.

ලකුණු 372ක ඉලක්කයක් හඹා ගිය ද.අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49.2කදී කඩුළු 6ක් පමණක් දැවී ලකුණු 372ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී ඩේවිඩ් මිලර් පන්දු 79කින් ලකුණු 118ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 10ක්ද සමගින්. කුවින්ටන් ඩීකොක් ලකුණු 70ක් හා අවසන් පන්දුවාර කිහිපයේ පිටියට පැමිණි ඇන්ඩිල් %

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone
Close