මරණ දඩුවම නියමවූවකු අභිධර්ම විභාගයෙන් ලංකාවේ තුන්වැන්නා වෙලා

මරණීය දණ්ඩනය නියමවීමෙන් පසු  බෝගම්බර බන්ධනාගාරයේ ( Bogambara Prison ) රඳවා සිටින සිරකරුවෙකු 2015 වසරේ පවත්වන ලද අභිධර්ම විභාගයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය ලබාගෙන තිබෙනවා. 

2006 වසරේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූ පුද්ගලයකු මෙසේ අභිධර්ම විභාගයට පෙනී සිට සාමාර්ථ්‍යය ලබා ඇති බවයි පැවසෙන්නේ.

2007ය වසරේ සිටම බෝගම්බර බන්ධනාගාරයේ අභිධර්මය පිලිබඳ පොත පත පරිශීලනය කර ධර්මයානුකුල ජිවිතයකට හැඩගැසුණු මෙම පුද්ගලයා එහිදී බෞද්ධ පොත පත අධ්‍යයනය කරමින් 2012 වසරේ දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට තිබෙනවා.

ඉන් අනතුරුව 2013 වසරේදී සහ 2014 වසරේදී තරුණ බෞද්ධ සංගමය මගින් පැවැත්වූ ධර්ම විභාගයට මුහුණදී විශිෂ්ඨ සමාර්ථ ලබාගැනීමට මෙම සිරකරුවා සමත්වී තිබෙනවා.

අනතුරුව 2014 වසරේදී ධර්මාචාර්්‍යය විභාගයද සමත්වූ ඔහු ඉන් පසුවයි අභිධර්ම විභාගයට පෙනී සිට ඇත්තේ.

යහපත් කල්ක්‍රියාව නිසා මරණ දඩුවමින් මුදවලා

මොහු සිය දඬුවම් කාලය තුළ දැහැමි ජිවිතයක් ගත කිරීම හේතුවෙන් මේ වසරේ පැවති වෙසක් පොහොය දිනයේදී මරණීය දණ්ඩනයෙන් නිදහස්ව ජිවිත සමාව ලැබ දැනට ජීවිතාන්තය දක්වා බන්ධනාගාර රැඳවියකු ලෙස සිටිනවා.

ඔහු මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන ශ්‍රී සුචරිතෝදය දහම්පාසලේ නේවාසික ගුරුවරයෙකු ලෙසත් ගිහිපිරිත් කණ්ඩායම් නායකයා ලෙසත් කටයුතු කරමින් කරනු ලබනවා.

මෙය සෑම මිනිසකු තුලම අයහපත් චරිතයක් මෙන්ම යහපත් චරිතයක්ද සැගව සිටින බව හෙළිකරන මනා උදාහරණයක් බවයි සමාජ ජාල මාධ්‍ය වල සදහන් වෙමින් පවතින්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close