ශෂින්ද්‍ර බලපත් නැතිව දුන් අලියකු අධිකරණ නියෝග මත වන ජීවී භාරයට ගනී

ඌව පළාත් හිටපු  මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් වලංගු බලපත්‍රයක් නොමැතිව කතරගම දේවාලයට පරිත්‍යාග කළැයි කියන බානු නැමැති අලියකු අද වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

ඒ අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මතයි.

අවුරුදු 15ක් පමණ වයසැති එම අලියා පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිත  බව වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කලා.

ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අලියා ලබාදී ඇත්තේ කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේදීයි.

ඔබගේ අදහස අපට කියන්න

Close