දේශපාලනඥයන්ගේ ගුවන් ගමන් වෙනුවෙන් කෝටි 20ක් ගුවන් හමුදාවට ගෙවලා

දේශපාලකයන් ඇතුලු  169 දෙනකු ගුවන් හමුදාවේ යානා භාවිත කිරීම වෙනුවෙන් පසුගිය මාස 16 තුළ රුපියල් විසි කෝටි දාහතර ලක්‍ෂ හතළිස්‌ හය දහස්‌ පන්සිය හතළිහක්‌ මුදලක් ගුවන් හමුදාවට ගෙවා ඇති බව  ඊයේ අනාවරණ කළා.

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

2015 ජනවාරි 10 සිට 2016 අප්‍රේල් 30 දක්‌වා කාලය තුළදී ගුවන් ගමන්වාර 352 ක්‌ වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇති බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

එම කාලය තුළ විදෙස්‌ ඇමැතිවරුන්, තානාපතිවරුන්, ආගමික නායකයන් ඇතුළු හතළිස්‌ දෙනකු වෙනුවෙන් ගුවන් යානා ලබාදීම කර ඇති බවටද අමාත්‍යවරයා හෙළි කළා.

මෙම ගුවන් ගමන් වාර මුදල් ගෙවීමකින් තොරව සපයා ඇතැයිද මුදල් නොගෙවා ගුවන් යානා භාවිතා කළ අය අතර දේශපාලනඥයන් දස දෙනෙකු සිටින බවද එකී වාර්තාවේ සඳහන් .

එහෙත් එම ගුවන් ගමන් රාජකාරී අවශ්‍යතාවයන් මත සිදුකර ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

මේ එම දේශපාලනඥයන්ගේ නාම ලේඛනයයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, පකිස්‌ථාන අගමැතිවරයා, නවසීලන්ත අගමැතිවරයා, භූතාන අගමැතිවරයා,

නවසීලන්ත නියෝජ්‍ය අගමැතිවරයා, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්, තානාපතිවරුන්,

චීන තානාපති, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, µයිසර් මුස්‌තාපා, ජෝන් අමරතුංග, විජයදාස රාජපක්‍ෂ, ගයන්ත කරුණාතිලක,

රවි කරුණානායක, හරින් ප්‍රනාන්දු, සාගල රත්නායක, සරත් ෙµdන්සේකා, අගවිනිසුරුවරයා, නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයා,

අමාත්‍ය ලේකම්වරු, ඉන්දීය, නාවික හමුදාපති, ඉන්දීය ගුවන් හමුදාපති, පකිස්‌ථාන යුද හමුදාපති, සවුදි අරාබි යුද හමුදාපති,

බංග්ලා දේශයේ සන්නද්ධ හමුදා යුද අභ්‍යාසය විද්‍යාලයේ නිලධාරින්, මන්නාරම රදගුරුතුමන් ආරක්‍ෂක උපදේශකවරයා, ඇතුළු තවත් විදේශ නියෝජිතයන්

පසුගිය රජය සමයේ ගුවන් හමුදාවේ යානා මුදල් ගෙවීමකින් තොරව පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ , හා නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව චෝදනා පවතිනවා.

ඔවුන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා එසේ යානා නොමිලේ භාවිතා කර ඇති බවටයි චෝදනා එල්ල කර ඇත්තේ.

ඔබගේ අදහස අපට කියන්න

Close