ඒකාබද්ධයේ රත්නපුර රැළියෙන් මාමා – ලේලි අර්බුධය යළි කරලියට

ඒකාබද්ධ විපක්‍ෂයහෙට රත්නපුරයේදී පැවැත්වීමට නියමිත රැළිය පිළිබද මන්ත්‍රීණී පවිත්‍රා වන්නිආරච්චි  මහත්මිය අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන බව ඇමැති ඩබ්ලිව්.ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ තමන්ගේ ලේලිය වන මන්ත්‍රීවරිය එම රෑලිය වෙනුවෙන් සීවලී ක්‍රීඩාංගනය ලබා නොදුන් බවට කරන ප්‍රකාශ අසත්‍ය බවයි.

ඉල්ලුවේ රථගාල දැන් ඉල්ලන්නේ ක්‍රීඩා පිටිය

ඒකාබද්ධ විපක්‍ෂයේ වැඩසටහනකට රත්නපුර පැරැණි ලොරි රථගාල ලබාදෙන ලෙස රත්නපුර මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඉල්ලීමක් සිදුකර තිබුණා.
ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ කොමසාරිස්‌වරයා එම රථගාල ලබාදී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් මුලින් රථගාලද පසුව සීවලී ක්‍රීඩාංගණය ද ඉල්ලා ඇති බවත් රථගාල ලබාදීමට නාගරික කොමසාරිස්‌වරයා අනුමැතිය දී ඇති බවත් අමාත්‍යවරයා හෙළි කළා.

රත්නපුරේ සීවලී ක්‍රීඩාංගණය ලබා නොදුන් බවට කරන චෝදනාව තමන්ට එල්ල කළ හැකි බවටයි ඔහු ඉගි පල කළේ.
කොතැනක රැස්‌වීම් පැවැත්වුවද පක්ෂය දෙකඩ නොකරන ලෙස ඔහු මෙහිදී සිය ලේලියගෙන් ඉල්ලීමක්ද සිදුකළා.

ඔබගේ අදහස අපට කියන්න

Close