ලංකාව දියුණු කරන ව්‍යාපෘති 2ක අගමැති හෙළිකරයි

බටහිර ගෝලීය ආර්ථිකයේ නීතිරීති මෙතෙක්‌ කල් අප විසින් ක්‍රියාත්මක කරනු ලැබූවද එය අද වනවිට අර්බුධයකට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙම නීතිරීති සම්පාදනය කිරීමේ අවස්‌ථාව ආසියාව වෙත ලබා ගැනීමට හැකි නම් එම අභියෝගය ජය ගෙන යුරෝපය  අභිබවා යාමට පවා ආසියාවට හැකි බවයි වික්‍රමසිංහ මහතා පැවසුවේ.

අගමැතිවරයා මෙම අදහස් පල කළේ  ඊයේ (06 දා) නවදිල්ලි නුවර පැවැති ඉන්දීය ආර්ථික සමුළුව අමතමින්.

වසර 2020 වන විට ලංකාවේ අයවැය පරතරය 3.5% දක්‌වා අඩු කරමින් ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක්‌ අත්පත් කර ගෙන ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවේ නව ආර්ථික ක්‍රියා පිළිවෙතේ ප්‍රධාන අරමුණයි.

දැනට ක්‍රියාත්මක විනිමය නීතිරීති වඩා නම්‍යශීලී කරමින්  ලිහිල් බදු ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි.

ලංකාව දියුණු කරන්න ව්‍යෘපෘති 2ක්

වෙළෙඳ සහ සේවාවන්වලට අගය එකතු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ බවට ශ්‍රී ලංකාව පත් කිරීමද එහි අරමුණක්.

දකුණු ඉන්දියානු ප්‍රාන්ත 5 ක්‌ සමඟ එක්‌ව උප ආර්ථික කලාපයක්‌ පිහිටුවීමෙන් ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වෙළෙඳ සහ ආර්ථික වාසි හිමිවන බවයි ඔහු පැවසුවේ.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ අනාගතය හැරවුම් ලක්ෂයකට යොමු කරන ප්‍රධාන ව්‍යාපෘති දෙකක්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.

ඉන් පළමුවැන්න මහනුවර, කොළඹ හම්බන්තොට ආර්ථික කොරිඩෝරය වන අතර දෙවැන්න රජරට ආර්ථික කොරිඩෝරයයි.

 මේ ව්‍යාපෘතීන් තුළ ආයෝජන අවස්‌ථා විශාල සංඛ්‍යාවක්‌ නිර්මාණය වෙන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

දකුණු ආසියාවෙන් ඔබ්බට ගොස්‌ බෙංගාල බොක්‌ක ආශ්‍රිත සියලුම රටවල් සමග එක්‌ව ආර්ථික සහයෝගීතා කලාපයක්‌ පිහිටුවීම කෙරෙහි අපේ අවධානය යොමුකළ යුතු බවද වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඉන්දියාවත් වෙනස් වෙයි 

ඉන්දීය කර්මාන්ත රාජ්‍ය ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කළේ අනාගතයේ ලෝකයේ බලවත්ම ආර්ථික කලාපය බවට ආසියාව බවය.

ඒ බව හොඳින් දැන හඳුනා ගත් ඉන්දියාව අනාගතය වෙනුවෙන් සුවිශේෂී වැඩ සැලසුම් ගණනාවක්‌ ක්‍රියාත්මක කරන බවද ඇමතිනිය අනාවරණ කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close