මැතිව් වේගයෙන් අමෙරිකාව දෙසට – අමෙරිකාවෙන් පූර්ව ආරක්ෂණ වැඩපිලිවෙළක්

හයිටි රාජ්‍යයට බලපෑම් එල්ල කළ මැතිව් චණ්ඩමාරුතය හේතුවෙන් පුද්ගලයින් 108 දෙනකු මරණයට පත්ව තිඛෙනවා.
බී බී සී පුවත් සේවය පවසන්නේ එරට දකුණු දිග නගරයක් වන Roche-a-Bateau  හී පමණක් පුද්ගල මරණ 50 ක් වාර්තාවන බවයි.
මෙම සිව්වන මට්ටමේ සුළි කුණාටුව මේ වන විට අමෙරිකාව දෙසට ගමන් කර තිඛෙනවා.
එයින් ෆ්ලොරීඩා ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවටයි අනාවැකි පල කර ඇත්තේ.

කත්රිනාට වඩා බරපතලයිලු

මේ වන විට පැයට කිලෝමීටර 230 ක වේගයෙන් හමා එන සුළි සුලගෙන් ආරක්ෂාවීම සදහා අමෙරිකාවද පියවර ගනිමින් සිටිනවා.
එය 2005 වසරේදී බලපෑ කත්රිනා සුළි සුළගට වඩා අවධානම් බවයි ප්‍රකාශවී ඇත්තේ.
එම සුළි සුළගින් 1800 දෙනකු මරණයට පත්වූ අතර අමෙරිකාවට සිදුවූ අලාභය ඩොලර් බිලියන 108 ක්.

ඔබගේ අදහස අපට කියන්න

Close