බණ කියද්දි බාධා කලාට ඕලන්ද ජාතිකයකුට මියන්මාර අධිකරණයෙන් සිර දඩුවම්

මියන්මාරයේ බෞද්ධ ධර්ම දේශනාවක් පැවැත්වෙද්දී ශබ්ද විකාශන යන්ත්‍රයක් විසන්ධි කරන ලද ඕලන්ද ජාතිකයෙක්ට සිර දඩුවම් නියම කර තිඛෙනවා.

බරපතළ වැඩ සහිතව මාස තුනක සිර දඩුවම් මෙසේ ලබාදී ඇති බවයි බී බී සී පුවත් සේවය පවසන්නේ.

නින්දට බාධා වුණු නිසාලු

රාත්‍රී කාලයේ විකාශය වූ මෙම ධර්ම දේශනය නිසා සිය නින්දට බාධා වූ හෙයින් ශබ්ද විකාශන යන්ත්‍රය විසන්ධි කරන ලද බවයි ලන්දේසි ජාතිකයා අධිකරණයට කියා සිටියේ.

එහෙත් බෞද්ධාගමට අවමන් කිරීමේ චෝදනා වලට ඕලන්ද ජාතිකයා වැරදි කරු වන බවයි මියන්මාර් අධිකරණයේ තීන්දුව වුණේ.

දඬුවම් වශයෙන් මාස තුනක සිර දඬුවමක් නියම කරන බව අධිකරණය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ චූදිතයා හඬා වැටුණු බවයි පැවසෙන්නේ.

මියන්මාරයේ බෞද්ධ උත්සව සම්බන්ධයෙන් මෑතක සිට බල පැවැත්වෙන ඉතා තද නීති රීති විදේශිකයන්ගේ නොසතුටට හේතු වී තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close