විග්නේෂ්වරන්ට අවශ්‍ය දේවල් රජය කරන්නේ නැහැ -අගමැති ප්‍රසිද්ධියේ කියයි

නව ව්‍යවස්ථාව සකස් කිරිමේදී බහුතර එකඟතාව මත ක‍්‍රියාකරන බවත් උතුරේ මහ ඇමතිවරයාට අවශ්‍යදේ නොකරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කළා. ඒ දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්. උතුරේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම් පිලිබදවයි දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්නය යොමුකළේ. සියලු පක්ෂවල එකඟතාව මත ව්‍යවස්ථාව සකස් කරන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට පිලිතුරු දෙමින් ප‍්‍රකාශකළේ.

සාර්ක් සමුළුව ගැන විදේශ ඇමති කියයි

Image result for mangala samaraweera2016 සාර්ක් සමුළුව පැවැත්වීමට නොහැකිවීම පිලිබදව කණගාටුව පළකරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කළා. සාර්ක් සමුළුවේ සාමාජික රටවල් කිහිපයක් මෙවර සමුළුවට සහභාගීවීම ප‍්‍රතික්ෂේප කළා. ඒ හේතුවෙන් සමුළුව කල්දමා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. 2016 සාර්ක් සමුළුව ලබන මස 15 වනදා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වීමටයි නියමිතව තිබුණේ. එභෙත් නොවැලැක්විය හේතුන් මත එය කල්ගිය බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මංගල සමරවීර අමාත්‍යවරයා සදහන් කළා. 

 

ඔබගේ අදහස අපට කියන්න

Close