මල්වානේ ඉඩමත් මගේ නෙවෙයි – බැසිල් අධිකරණයට කියයි

ආන්දෝලනාත්මක මල්වාන ගගබඩ පාර ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩම සහ එහි ඇති නිවස තමන්ගේ එකක් නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අධිකරණයට දැනුම්දී තිඛෙනවා.
පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිද්ධියට අදාළ නඩුව කැදවණු ලැබුවා.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් විසින් කියා සිටියේ බැසිල් රඑාජපක්ෂ මහතා මෙම ඉඩමේ හිමිකරු නොවන බවයි.
එහි හිමිකරු කවරෙක්දැයි නොදන්නා බවද නීතීඥවරුන් මෙහිදී දැනුම්දුන්නා.

ඉඩමට අභිමතයක් කරන්නලු

ඒ අනුව අදාළ ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ අභිමතය පරිදි කටයුතු කරන ලෙසයි බැසිල් රාජපක්ෂ මහතාගේ නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
පැමිණිල්ලේ නීතීඥවරුන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ඉඩම විත්තිකරුට හිමි නොවන ඉඩමක් නම් එය විකුණා එම මුදල් නඩු විභාගයට අදාළව බැර කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඊට අදාළ තීන්දුව ලබන 14 වනදා ප්‍රකාශයට පත් කරන බව පූගොඩ මහේස්ත්‍රාත්වරයා මෙහිදී සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close