ගල් අගුරු ටෙන්ඩරය ගැන පෙත්සම 14 වනදා ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ

ආන්දෝලනයට තුඩු දී තිඛෙන ස්විස් සිංගප්පූරු ඕවර්සීස් සමාගමට ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කරන ලෙසත්   විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා විසින්  කැබිනට් මන්ඩලය ලබා දී ඇති  නිවැරදි නොවන තොරතුරු මත මෙම ටෙන්ඩරය අනුමත කල හොත් තමා ඇතුලුව සාමාන්‍ය ජනතාවගේ,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය යටතේ මුලික අයිතිවාසිකම් කඩවීම මගින් අගතියක් සිදුවන බව පවසමින් ෙශ්‍ර්ෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්  ඉදිරිපත් කර තිබේ.  එළෙඹන 14 වන දින මේ අගවිනුසුරුවරයා ඇතුලු ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මේ සලකා බැලිමට නියමිතය.  මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ සත්හඬ පුවත්පතෙහි නියොජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතා විසිනි.
මහජන උනන්දුව මත නඩු යැම  යටතේ පොදු මහජනතවගේ සුභ සිද්දිය පිණිස සහ  මෙම ටෙන්ඩරය ලබා දුන හොත් ශ්‍රී ලංකා රජයට  ගල් අඟුරු මිලදී ගැනීමේදි අනවශ්‍ය වියදමක් දැරීම වලක්වනු පිණිස නිතිමය සහය අපෙක්ෂා කිරිමත් . එසේ නොවුන හොත් එම අනවශ්‍ය වියදම මෙරට මහජනතාවට දැරීමට සිදුවීම වලක්වා ගනු පිණිසත්  මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ජනපති හා අගමැති වගඋත්තරකරුවන් ලෙස
මෙහිදී වග උත්තරකාර පාර්ශ්වයන්  ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු කැබිනට මණ්ඩලය, විදුලි බල අමාතයංශයේ ලෙකම් ආචාර්ය  සුරේන් බටගොඩ,   ලංකා කෝල් සමාගම හා එම සභාපති මෛත්‍රී ගුණරත්න  ඇතුළු අධ්‍යෙක්ෂ මණ්ඩලය, ස්විස් සිංගප්පූරු ඕවර්සීස් සමාගම , කැබිනට් මණ්ඩලය විසින් පත් කළ ප්‍රසම්පාදන කමිටුවේ සභපති ජී .එස් .විතානගේ  , රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමෙන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ඒ. කේ. සෙනෙවිරත්න,  ශ්‍රිලංකා ගුවන් හමුදාවේ මුල්‍ය අධ්‍යක්ෂක ජී .ආර්. එල් .වසන්ත,  විදුලි බල අමාතංශයේ අතිරේක ලෙකම් එස්. ඒ. එන්. සරණතිස්ස ,   විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එම්. කේ. සී. වික්‍රමසේකර, කැබිනට් මණ්ඩලයේ ලෙකම් සුමිත් අබේසිංහ , නොබල් රිසෝසස් සමාගම හා නීතිපතිවරයා නම් කර තිබේ.

ඔබගේ අදහස අපට කියන්න

Close