ප්‍රේමලාල් , සිරිපාල ගම්ලත් ඇතුලු විපක්ෂයේ 5ක් ඉදිරි සතියේ ආණ්ඩුවට එක්වෙයි

ඉදිරි දින කිහිපය තුල තවත් මන්ත්‍රීවරු පස් දෙනකු රජයට සම්බන්ධවීමට නියමිත බව අනාවරණවී තිඛෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය හා තවත් පත්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් මෙසේ රජයට එක්වන බවයි.
ඒ අතරට ඒකාබද්ධ විපක්ෂයේ සිරිපාල ගම්ලත් හා ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරු ඇතුලත් බවද සදහන්.

දෙමල මන්ත්‍රීවරු 3න් දෙනකුත් ආණ්ඩුවට

ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් රජයට එක්වීමට නියමිතව ඇත්තේ ආරුමුගම් තොණ්ඩමන් හා මුත්තු සිවලිංගම් යන මන්ත්‍රීවරු දෙදෙනායි.
ඊ පී ඩී පී සංවිධානය නියෝජනය කරන ඩග්ලස් දේවානන්දා මහතාද මේ සතියේ සම්මුති ආණ්ඩුවට එක්වීමට නියමිතයි.
ඔවුන්ට අමාත්‍ය ධූර ලබාදෙන්නේද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු හෙළිව නැහැ.
එහෙත් ව්‍යවස්ථාවට අනුව සම්මුති ආණ්ඩුවේ තවත් පත් කළ හැකි වන්නේ අමාත්‍ය ධූර 2ක් පමණයි.

ඔබගේ අදහස අපට කියන්න

Close