බංග්ලාදේශයේ ජයග්‍රහණය එංගලන්තය අවසන් මොහොතේ ඩැහැ ගනියි

බංග්ලාදේශය සමග පැවැති පළමු එක්දින තරගය උණසුම් සටනකින් පසු ජය ගැනීමට සංචාරක එංගලන්තය සමත්වුණා.
ඒ බංග්ලාදේශ පිල ලකුණු 21කින් පරාජයට පත් කරමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 309ක් ලබාගත්තා.
ඛෙන් ස්ටෝක්ස් ලකුණු 101 යි.
ජොස් බට්ලර් වේගවත් ලකුණු 63ක් ලබාගත්තා.

බංග්ලාදේශයේ අවසන් කඩුලු 5 ලකුණු 17 කදී

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සාර්ථකව ඉලක්කය හඹා ගියද එය අතරමගදී බිද වැටුණා.
ඒ පන්දුවාර 41 කදී කඩුලු 5කට ලකුණු 271 ක් ලබා සිටි බංග්ලාදේශය ලකුණු 288කට සීමාවීම හේතුවෙන්.
ඉම්රුල් කායිස් ලකුණු 112යි. ෂකීබ් අල් හසන් 79යයි.
ජේක් බෝල් කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වුණා. මෙය ඔහුගේ පලමු එක්දින තරගය වීම විශේෂත්වයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close