භාරත ඝාතන මොහොතේ දුමින්දට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය ගැන විමර්ෂණ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේදී තුවාල ලැබූ බවට කියැවෙන හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ප්‍රතිකාර කළ වෛද්‍ය වරිය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වෛද්‍ය වාර්තා සත්‍යදැයි සොයා බැලීම මෙහි අපේක්ෂාව බවයි.

හිටපු ආරක්ෂක ලේකම්ටත් චෝදනා

මේ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපයද මන්ත්‍රීවරිය විසින් විවේචනය කර තිබෙනවා.

ඇය පවසන්නේ තම පියා බැලීමට මැති ඇමතිවරු රෝහලට හා නිවසට පැමිණියද හිටපු ආරක්ෂක ලේකම්වරයා දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් සොයා බැලූ බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close