වැලිපරයක සිරවූ මව බේරාගත් තල්මස් පැටවාගේ වික්‍රමය – Video

නොගැඹුරු මුහුදූ තීරයේ වැලි ඉවුරක සිර වී සිටි සිය මව ඉන් මුදා ගැනීමට තල්මස් පැටියකු දැරූ උත්සාහයක් සාර්ථක වූ පුවතක් ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවනවා.

ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රැඩ්බ්‍රොක් දූපතට ආසන්න වැලි ඉවුරක සිර වී සිටි තල්මස් මව දියඹට ගැනීමට කුඩා තල්මස් පැටවා ගන්නා උත්සාහය වෙරළ කලාප නිලධාරීන් නිරීක්ෂනය කර තිබුණා.

එහිදී දර්ශනය වී තිබුණේ තල්මස් මව දැඩි අවධානම් තත්ත්වයක පසුවූ බවයි. තල්මස් පැටවා සිය මව අතහැර නොයමින් ඇය ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවතට ගෙන ඒම සදහා කටයුතු කරන ආකාරයයි මෙහිදී දිස්වී තිබුනේ.

බේරාගෙන ගිහින්

පසුව ඔවුන් තල්මස් මව යළි මුහුදට යොමුකිරීමට සැලසුම් කර ඇති අතර එය ක්‍රියාත්මකවීමට පෙර තල්මස් මව ඉන් ඉවතට පීනා ගොස් තිබුණා.
ඒ පැටවාගේද සහය සහිතව මිනිත්තු හතළිහක පමණ උත්සාහයකින් පසුවයි.
එම සංවේදී අවස්ථාව මෙසේ වීඩියෝ දර්ශනයවල දැක්වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close