බදුයුදීන්ගේ වැඩවලින් රජයට දැවැන්ත අලාභයක් / ඇමතිවරු ප්‍රසිද්ධියේම එරෙහිවෙයි

සීනී මෙට්‍රික් ටොන් දහස් ගණනක් හදිසියේ අඩු මිල ටෙන්ඩරයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට චෝදනා එල්ලවී තිඛෙනවා.
ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබදව ඔහුට සෘජුවම චෝදනා එල්ලවූ බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
මෙහිදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා ඇත්තේ රජය සීනි සදහා රුපියල් 12ක බද්දක් පැනවීමට නියමිතව තිබියදී හදිසියේ මෙම ගණුදෙනුව සිදුකර ඇති බවයි.
එහිදී සීනි මෙට්‍රික් ටොන් 10,000 ක් අලෙවි කර ඇති අතර ඒ සීනි කිලෝවකින් රුපියල් 12ක අලාභයක් සිදුවන පරිද්දෙනුයි.
ඒ අනුව සමස්ථ අලාභය රුපියල් කෝටි 12 ක් ඉක්මවනවා.

සීනිවලිනුත් පාඩුයි / එතනොලුත් පාඩුයි

මේ අතර සීනි කිලෝව රුපියල් 89 ක්ව තිබියදී මෙට්‍රික් ටොන් 2000ක් රුපියල් 81 බැගින් විකුණා රජයට අලාභ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී චෝදනා එල්ල කෙරුණා.
මෙහිදී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසා ඇත්තේ සීනි සමාගම නිපදවන එතනෝල් ලීටරයකට රුපියල් 300ක බද්දක් පැනවීමට නියමිතව තිබියදී මෙම අමාත්‍යාංශය හදිසියේ අඩු මුදලට එම තොග අලෙවි කර ඇති බවයි.
එයින්ද රජයට දැවැන්ත අලාභයක් සිදුව තිඛෙනවා.
මෙම කරුණු පිළිබදව අවධානය යොමුකළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම කරුණු පිළිබද ලිඛිත සාක්ෂි සපයන ලෙසයි.
ඉන් අනතුරුව ඒ සම්බන්ධ පරීක්ෂනයක් සිදුකිරීමටද පියවර ගන්නා බව ජනපති අවධාරණය කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close