අමෙරිකාවේ ධනවතාගේ ධනය ලංකාවේ මුදලින් කෝටි එකොලොස් ලක්ෂයක්

අමෙරිකාවේ ධනවත්ම පුද්ගලයින් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ෆෝර්බ්ස් සගරාව විසින්. එහිදී ලෝකයේ මෙන්ම අමෙරිකාවේ ධනවතුන් අතර තවදුරටත් මුල් තැන පසුවීමට ලොව සුපිරි ධනවතා වන බිල් ගේට්ස් සමත්ව
සිටිනවා. බිල් ගේට්ස්ගේ වත්කම් ඩොලර් බිලියන 81 ක් ලෙස තක්සේරු කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි එකොලොස් ලක්ෂ 74 දහස් පන්සියයක් පමණ වනවා.

ට්‍රම්ප්ගේ සල්ලි අඩු වෙලා

අමෙරිකාවේ ධනවතුන් අතර කැපී පෙනෙන පුද්ගලයකු වූ ජනපති ධූර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් මෙවර 156 වන ස්ථානය දක්වා පසුබෑමකට ලක්ව සිටිනවා. ඉකුත් වසරේදී ඔහු අමෙරිකානු ධනවතුන්ගේ ලයිස්තුවේ 121වන තැන රැදී සිටියා. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ
වත්කම්වල අගය ඩොලර් බිලියන 3 යි දශම 7ක්.මේ එම ධනවතුන්ගේ ලයිස්තුවයි.

1. බිල් ගේට්ස් , Microsoft ($81billion)

2. ජෙෆ් බෙසොස් , Amazon ($67billion)

3. වැරන් බුෆේට්  , Berkshire Hathaway (65.5billion) 

4. මාර්ක් සකර්බර්ග්, Facebook ($55.5billion)

5. ලැරී එළිසන්    , Oracle ($49.3billion)

6. මයිකල් බ්ලූම්බර්ග්, Bloomberg ($45.5billion)

7. චාල්ස් කොච් , Koch Industries ($42billion)

7. ඩේවිඩ් කොච්, Koch Industries ($42billion)

9. ලැරී පේජ් , Google ($38.5billion)

10. සර්ජි බින්, Google ($37.5billion)

11. ජිම් වොල්ටන් , Walmart ($35.6billion)

12. රොබ්සන් වෝල්ටන්, Walmart ($35.5billion)

13. ඇලිස් වෝල්ටන්, Walmart ($35.4billion)

14. ෂෙල්ඩන් ඇඩෙල්සන්, Las Vegas Sands ($32billion)

15.ස්ටීව් බොල්මර්, Microsoft ($27.5billion)

16. ජැකලින් මාර්ස් , Mars Inc. ($27billion) 

16.ජෝන් මාර්ස්, Mars Inc. ($27billion)

18. පිල් නයිට්  , Nike ($25.5billion)

19. ජෝර්ජ් සෝරොස්, Soros Fund Management ($24.9billion)

20. මයිකල් ඩෙල්, Dell ($20billion) 

 

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close