රට ගොඩගැනීම ගැන ලබන සතියේ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

වත්මන් රජයේ ආර්ථික හා දේශපාලන සැලසුම්වලට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ  මෙම ප්‍රකාශය සිදුකෙරෙන බවයි වාර්තාවන්නේ.

විශේෂ කරුණු රැසක් ගැන අවධානය

යෝජිත එට්කා ගිවිසුම ඇතුළු සේවා ආර්ථීක ගිවිසුම් අස්සන් කිරීම, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2020 දක්වා අධි ආර්ථීක සැලැසුම් පිළිබදව මෙහිදී අවධානය යොමුවනු ඇති.

ඒකපුද්ගල ආදායම් වර්ධනය, වංචා දූෂණ අක්‍රමිකතා මුලිනුපුටා දැමීම හා ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම රට තුළ මතභේදයට ලක්වී ඇති ප්‍රශ්න ගණනාවක් පදනම් කොට මෙම ප්‍රකාශය කිරීම අගමැතිවරයාගේ අරමුණ වී තිඛෙනවා.

යහපාලන රජය ස්ථාපිත කිරීමේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ආකාරයත්, ඒ අනුව ආදායම වැඩි කරන ආකාරයත්, අධ්‍යාපනය හා සෞඛ්‍ය නව ප්‍රතිසංස්කරණ ගැනත් ජනතාව දැනුවත් කිරීම අගමැතිවරයාගේ අපේක්ෂාවයි.

මෙම ප්‍රකාශය සිදුකෙරෙන දිනය මෙතෙක් අනාවරණවී නැහැ.

ඔබගේ අදහස අපට කියන්න

Close