සමාජ ශාලාවල ලේ හැලීම යහපාලනය සුරැකීමද ? නීතියෙන් දඩුවම් දෙන්න

කොළඹ පිහිටි සමාජ ශාලාවකට අැතුළු වූ මෙරට ඉහලම ප‍්‍රභූවරයකුගේ පුත‍්‍රයෙකු සහ ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරීන්පි රිසක් සිදුකළ පහරදීමකින් එහි ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා තිබෙනවා.

මෙම පිරිස ඩිෆෙන්ර්ඩ රථ කිහිපයකින් පැමිණ සමාජ ශාලාවට ඇතුළුවීමට යාමේදී ඇතිවූ බාධා කිරීමක් මුල් කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

තුවාල ලැබූ තැනැත්තා කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධියට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව වැඩිදුර තොරතුරු අනාවරණවී නැහැ.

පසු සටහන

පසුගිය සමයේ පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය හා පසුගිය රජයේ පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේද එම සමයේ ඇතැම් සිද්ධින් හා ඒ පිළිබදව එවක විපක්ෂය ගෙන හැර දැක්වූ කරුණු මතය.

ඒ අනුව යහපාලනය කෙරෙහි ජනතාව විශ්වාසය තැබූ අතර දැන් ඒ අනුව සිටින්නේ යහපාලන පොරොන්දු ලබාදුන් ජනාධිපතිවරයකු හා යහපාලන රජයකි.

එවන් තත්ත්වයකදී පසුගිය සමයේ මෙන්ම ජනපති / ඇමති පුතුන් මේ අයුරින් යහපාලනය අමු අමුවේ කඩ කරන්නේ නම් යහපාලනය පිළිබද තවත් රටට බණ දේශනා කිරීමෙන් පලක් නොමැති බව අප සිහිපත් කරන්නෙමු.

ජනතාවට අවශ්‍ය වන්නේ දේශපාලන පක්ෂය පාට නොව යහපත් රටක ජීවත්වීමේ අවශ්‍යතාවය තහවුරු කර ගැනීමය.

එය අමු අමුවේ උල්ලංඝනය කරන්නේ නම් පැවැති පාලනය හා වත්මන් පාලනය අතර වෙනසක් පවතින්නේ දැයි ප්‍රශ්න කිරීමට ජනතාවට මෙන්ම මාධ්‍යයටත් පැහැදිලි අයිතියක් ඇත.

එය අභියෝගයටද ලක් කළ නොහැකිය.

daham-sirisena

45789hkjhh

ඔබගේ අදහස අපට කියන්න

Close