මුතුර් හා සාම්පූර් නගරවලදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 17ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය මුතූර් හා සාම්පූර් ප්‍රදේශයන්හි නිවාස දෙකක සඟවා තිබූ C- 4 සහ TNTවර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දාහතක්‌  සමඟ පුද්ගලයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ ත්‍රිකුණාමලය විශේෂ මෙහෙයුම් ඒකකය හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එක්‌ව සිදුකළ මෙහෙයුමකදීයි.

මුතූර් ප්‍රදේශයේ නිවසක්‌ පරීක්‍ෂා කළ ත්‍රිකුණාමලය විශේෂ මෙහෙයුම් ඒකක පොලිස්‌ කණ්‌ඩායමක්‌  සඟවා තිබූ සී – 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හතක්‌ (7 ක්‌) මුලින්ම සොයාගෙන තිබුණා.

හේතුවක් තවම හෙලිවී නැහැ

එහිදී අත්අඩංගුවට පත් පුද්ගලයින් හෙළිකළ තොරතුරු මතයි අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ සාම්පූර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී එන් ටී වර්ගයේ තවත් අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ දහයක්‌ සමගයි.

ඔවුන් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සඟවාගෙන සිටියේ කුමකටද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැහැ .

ඔබගේ අදහස අපට කියන්න

Close