එක් ක්‍රිකට් ක්‍රීඩකයකුට ලකුණකට 57,000 බැගින් ගෙවලා – ක්‍රීඩා ඇමති හෙළිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට්  ක්‍රීඩකයකුට ඔහු රැස් කළ 1 ලකුණක් සදහා රුපියල් 57,000 බැගින් ගෙවා ඇතැයි  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ හේතුවෙන් ආදළ ක්‍රීඩකයා එම වසරේදී රුපියල් මිලියන(Million) 57ක් උපයා ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අසාර්ථක ක්‍රීඩකයින් දිගින් දිගටම කණ්ඩායමේ රැදවීම නිසා එම ක්‍රීඩකයින් මහා පරිමාණයෙන් මුදල් උපයන බවත් ඔහු හෙළිකර තිඛෙනවා.

ඒ අනුව ඉදිරියේදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට දක්ෂතාවය මත මුදල් ගෙවීමේ තීරණය ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සදහන් කළා.

දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පල කළේ බී බී සී ගුවන් විදුලියට අදහස් දක්වමින්. මේ ඔහු එහිදී පල කළ අදහස්.

කළමනාකරණ මාෆියාවක්

එක ක්‍රීඩකයෙක් ඉන්නවා ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 57යි. ගහපු ලකුණු ගාන බැලුවහම එක ලකුණකට ක්‍රිකට් ආයතනය රුපියල් 57,000ක් ගෙවලා තියෙනවා,

තව කෙනෙක් ඉන්නවා රුපියල් මිලියන 73ක් උපයලා. ඔහුගේ ලකුණකට රුපියල් 26,000 ක් ගෙවනවා.

සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ලකුණු ගහන්නෙත් නැහැ.

හැබැයි හැමදාම මිලියන 50ක් 75ක් ගන්නවා. ක්‍රීඩකයෝ දැනගන්න ඕන දක්ෂතාවලට යන්න.

නැත්නම් ඒගොල්ලොත් මේක ගණන් ගන්නේ නැහැ. ගැහුවත් නැතත් ගාන හම්බවෙනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලයේත් ඉන්නේ ක්‍රීඩා සමාජ වල නියෝජිතයන්. ඔවුන් බලනවා ඒගොල්ලන්ගේ කණ්ඩායම් වල ක්‍රීඩකයන් මේකට වැඩියෙන් දාගන්න. මේක අතීතයේත් වුනා

ඔබගේ අදහස අපට කියන්න

Close