තායිලන්ත සංචාරය නිමා කරමින් ජනපති යළි දිවයිනට ලගාවෙයි

තායිලන්ත සිව්දින නිල සංචාරයනිමා කරමින්  ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිඛෙනවා. ශ‍්‍රී ලංකන් ගුවන් යානයකින් ජනාධිපතිවරයා ප‍්‍රම‍්‍රඛ දූත පිරිස රාති‍්‍ර 11 ට පමණ ගුවන් තොටුපල පරිශ‍්‍රයට පැමිණි බවයි වාර්තාවන්නේ. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ආසියානු සහයෝගිතා සමුලුවද අමතනු ලැබුවා. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රයේ ඉදිිරිගමන පිළිබඳවයි එහිදී විශේෂ අවධානය යොමුවුණේ. ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වීම ශ‍්‍රී ලංකාවේ අරමුණ බවත් මෛති‍්‍රපාල සිරිසේන මහතා නියෝජිතයන් හමුවේ ප‍්‍රකාශ කළා.

ඉරානයෙන් තෙල් සහනයක්

සංචාරය අතරතුර ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා සමගද මෛති‍්‍රපාල සිරිසේන මහතා සාකච්ඡාකර තිබෙනවා. දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීම මෙම සාකච්ජාවේ අරමුණයි. ශ්‍රී‍්‍ර ලංකාවට තෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදී වඩාත් ක‍්‍රමවත් කරන බව හසන් රවුහානි මහතා මෙහිදී ප‍්‍රකාශ කළා. ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා මානව අයිතීන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද හසන් රවුහානි මහතා විසින් ඇගයීමට ලක් කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close